26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින් අට දෙනෙකු අඟුලාන අංජු නැමති පාතාල කල්ලි ප්‍රධානියාගේ ගෝලයින් බව ය.
 
සෙසු පිරිස මාකඳුර මධුෂ් නැමැත්තාගේ ගෝලයින් බව ද ඔහු පවසයි.
 
මේ අතර අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී තවත් පාතාල කල්ලි සාමාජිකයින් තුන් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
එම බලකාය සදහන් කළේ, මේ වනවිට මෙරට ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයින් 6 දෙනෙකු විදේශගතව සිටින බව ය.
 
ඔවුන් අතර අංගොඩ ලොක්කා හා මාකඳුර මධුෂ් යන අය ඉන්දියාවේත්, අඟුලාන අංජු ඩුබායි රාජ්‍යයේත් සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
කෙසේ වෙතත් විදේශගතව සිටින ලඩියා, කොස්ගොඩ සුජී, කෙසෙල්වත්ත දිනුක යන පාතාල කල්ලි නායකයින් කුමන රටක සැඟවී සිටින්නේදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත.
 
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කර ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලාකායේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
 
මේ අතුරින් කොස්ගොඩ සුජී හා මධුෂ් යන පුද්ගලයින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.
 
මේ අතර මසක් තුළ කළ මෙහෙයුම්වලින් ගිනි අවි 6ක් ද සොයා ගත් බව එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.

(under the courtesy of newsfirst.lk web)

Related posts

ඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමති

Shiran Viraj

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Shiran Viraj

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

Shiran Viraj