26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

මට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකා

යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ බව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බව ෆොන්සේකා මහතා පැවසීය.

සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමතිකම දෙන්න යැයි අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෛත්‍රීපාල සිරිසේනට කී අවස්ථාවේදී එයාට දුනොත් එයා මුලින්ම මාව හිරේ දාන බව ඔහු කියා තිබූ බව කී සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවයාට දිවැස් තිබූ අතර එසේ නොකර රට ගොඩනැගිය නොහැකි බව ද සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව කාලයේත් රුපියල කඩා වැටුණු නිසා රට වර්තමානයේ මුහුණ දී සිටින තත්වයට එම ආණ්ඩුව ද වගකිව යුතු බවත් සමගි ජනබලවේගය එය තේරුම් ගෙන නිවැරදි ගමනක් යෑම සඳහා පමණක් ආණ්ඩු පිහිටුවිය යුතු බවත් ෆොන්සේකා මහතා කීය.

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩදී පැවැති සමඟ ජනබලවේගය පක්‍ෂයේ ප්‍රවර්ධන රැස්වීමකදී එසේ පැවසීය.

– lankadeepa

Related posts

අලුත් ගමක් අලුත් රටක්

Shiran Viraj

මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..

Shiran Viraj

EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.

Shiran Viraj