30 C
Colombo
September 16, 2026
Local NewsNews

හුණුපිටියේ කඩ පෙළක් ගිනි ගනියි-හිතාමතා සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

වත්තල හුණුපිටිය ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක අද(03) අලුයම ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් එහි වෙඳසැල් 10ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත.
අද අලුයම 3ට පමණ වත්තල හුණුපිටිය ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ එළවලු ,පළතුරු හා සිල්ලර වෙළඳසැල් සහිත කඩ පෙළක මෙම ගින්න හටගෙන තිබුණි.
කිසියම් පිරිසක් විසින් මෙම වෙළඳසැල්වලට ගිනි තබා ඇති බවට වෙළඳසැල් හිමියන් චෝදනා කරයි.
ගිය මාසයේ අන්තිමට කඩනවා යැයි පවසා තිබිය දී මෙම සිදුවීම හිතාමතා සිදු කර ඇති ප්‍රදේශවාසීන් පවසයි.
අනිවාර්යයෙන්ම කඩා කප්පල්කාරී ලෙස මෙම ක්‍රියාව යම් කිසි පිරිසක් විසින් සිදු කර ඇති බවට චෝදනා කරන ජනතාව කියා සිටින්නේ, කඩ අයින් කරනවා නම් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
කෙසේවෙතත් කිරිබත්ගොඩ පොලීසිය විසින් ගින්නට හේතුව සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Shiran Viraj

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Shiran Viraj

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

Shiran Viraj