July 12, 2026
Local NewsNews

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවැසීය.
ඒ අනුව උමං මාර්ගය තුළට ජලය කාන්දු වීම ද ක්‍රමානුකූලව අඩු වූ බවත් ජල කාන්දුවීමට බල පෑ ස්‌ථාන බදාම ආලේප කර සම්පූර්ණයෙන් ම වසා දැමීමට පියවර ගත් බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට්‌ 120 ක ජල විදුලියක්‌ උත්පාදනය කරන අතර, හෙක්‌ටයාර් 30,000 ක්‌ පමණ වූ කෘෂි ඉඩම් සඳහා වාරි ජලය සැපයීමත් සිදුවන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
උමා ඔය හරස්‌කර ඉදිකරන පුහුල් සහ ඩයරබා වේලි මගින් ගලායන වාරි ජලය ප්‍රයෝජනයට ගෙන බදුල්ල, මොනරාගල, දිස්‌ත්‍රික්‌කවල අලුතින් ඉඩම් හෙක්‌ටයාර් 5000 ක්‌ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අවස්‌ථාව උදා වන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු ඉරානයේ ෆරාබ් සමාගම විසින් සිදු කරයි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්

Shiran Viraj

යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..

Shiran Viraj