30.6 C
Colombo
July 2, 2026
International NewsNews

පිපිරීමකින් 23 ක් මැරිලා

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයෙක් වන ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් රාජධානීය පදනම් කර ගත් සිරියානු නිරික්ෂකයින් පවසා ඇත්තේ කුඩා කැරලිකාර කණ්ඩායමක මූලස්ථානයට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් 07 දෙනෙකු සිවිල් වැසියන් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාරය කුමන ආකාරයේ ප්‍රහාරයක් ද යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැති අතර ඇතැම් පාර්ශව එය ඩ්රෝයන ප්‍රහාරයක් ලෙස සඳහන් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

Shiran Viraj

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Shiran Viraj

වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…

Shiran Viraj