29.5 C
Colombo
July 8, 2026
NewsSportsSports News

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීම නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 09ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තේය.
මොහොමඩ් හපීෂ් ලකුණු 60යි.
සදාබ් ඛාන් ලකුණු 52යි.
පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ලොකී ප්‍රර්ගසන් කඩුලු 03ක් ද ටොඩ් ඇසල්න් සහ ටින් සවුති  කඩුලු 02 බැඟින් දවා ගත්තේය.
තරඟය අතරවාරයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුයිස් න්‍යායට අනුව තරඟය ජයග්‍රහණය සඳහා පන්දුවාර 25කදී ලකුණු 151ක ඉලක්කයක් නවසීලන්ත කණ්ඩායමට හිමි වුණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දුවා 23යි පන්දු 05කදී ලකුණු 151ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.
මාර්ටින් ගප්ටීල් නොදැවී ලකුණු 86යි.
රොක්ස් ටේලර් නොදැවී ලකුණු 45යි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයි

Shiran Viraj

දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj