July 2, 2026
International NewsNews

කැලිෆෝනියා ආපදා හේතුවෙන් 160ක් රෝහලේ – හානි වූ ශ්‍රී ලාංකිකයන් සිටීදැයි සොයයි -VIDEO

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට ද බලපෑම් සිදුව ඇත්දැයි අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
කෙසේවෙත් ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් සිදුව ඇතැයි මේ දක්වා වාර්තා නොවූ බවයි එහි ප‍්‍රකාශිකාවක් පැවසුවේ.
මහ වැසි සමග ඇතිවූ ගංවතුර සහ මඩ හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආපදා තත්ත්වයක් පවතිනවා.
මිය ගොස් ඇති සංඛ්‍යාව 17 දෙනෙක්. තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඇතැම් පිරිස් තවමත් ගංවතුරට කොටුවී සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලැව් ගිනි සහ පස් කඳු කඩා වැටීම් නිසා ද අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඉකුත් සමයේ ආපදා තත්ත්වයන් වාර්තා වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

Shiran Viraj