April 3, 2026
Local NewsNews

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින්  විරෝධතා පා ගමනක නිරත විණි.
අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ  මෙම පා ගමන බදුල්ල නගරය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙහිදී විරෝධතාකරුවන් ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් ද භාරදිමට නියමිතව තිබේ.
මේ අතර අදාළ සිද්ධියට විරෝධය පල කරමින් අද සිට දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝෂ්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ එහි පළමු උද්ඝෝෂණය  අද දහවල් අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..

Shiran Viraj

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj

රුසියානු අහසේ දිස් වූ අමුතු දේ – වීඩියෝ

Shiran Viraj