25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

යාපනය කොකුවිල් ප්‍රදේශයේ ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලා යමින් සිටි තරුණයින් දෙදෙනෙකු ගම් වාසීන් විසින් අල්ලා පහර දී යාපනය පොලීසියට භාර දී තිබෙනවා.
කොකුවිල් ප්‍රදේශයේ පිහිටි මෝගන් අශෝක් කුමාර් නැමති ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයාගේ නිවසට මෙලෙස ඊයේ රාත්‍රි  7.30ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙක එල්ල වී තිබුණා. අදාළ ප්‍රහාර දෙක සමගින් නිවසේ ගින්නක් හටගෙන ඇති අතර ප්‍රදේශවාසින්ද පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් තුවල ලැබූ ප්‍රහාරයට පැමිණි සැකකරුවන් දෙදෙනා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අදාල ආවා කල්ලි සාමාජිකයා තම ගම්මානවල තරුණයින්ට සිදු කල හිරිහැරයන් නිසාවෙන් ඇති වූ කෝපය නිසා බවයි.
යාපනයේ කොණ්ඩාවිල්හි පදිංචි චන්ද්‍රේ කුමාර් අයින්කරන් හා කන්කසන්තුරෙ හි පදිංචි සුරේස් කුමාර් තෙලියන් යන දෙදෙනා මෙම ප්‍රහාරය සඳහා පැමිණ තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි

Shiran Viraj

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි: රහස් පොලිසියෙන් විශේෂ විමර්ශනයක්

Shiran Viraj

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Shiran Viraj