25.6 C
Colombo
September 19, 2026
News

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සහ ඉන්දියාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමඟ අද (11) පැවති අවසන් පූර්ව වටයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට අනූෂා කොඩිතුවක්කු සමත් විය.
ඒ අනුව තරඟය ජයගන්නට මේරි කොම් සමත් වුණි.
අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්ව සඳහා පදක්කමක් දිනාගත් ප්‍රථම ක්‍රීඩිකාව වෙයි.
ඔලිම්පික් පදක්කම්ලාභී මේරි කොම් සමඟ අනූෂා 2016 වසරේ අවසන් වරට තරඟ කළ අතර, එහිදී ඇතිවූ ආබාධිත තත්ත්වයක් නිසා ඇයට වසරකට අධික කාලයක් බොක්සිං ක්‍රීඩාවෙන් ඉවත්වීමටයි සිදුවුණි.
එමෙන්ම 2014 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ද අනූෂා කොඩිතුවක්කුට අහිමිවූ අතර, ඒ ඇය එම තරඟයට පෙර රිය අනතුරකට ගොදුරු වීම හේතුවෙනි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

Shiran Viraj

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj