28.4 C
Colombo
March 30, 2026
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.
ගිවිසුම් කාලය නිමාවී ඇති නිසා ඔහු එලෙස රටින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ග්‍රැහැම් ෆෝර්ඩ් 2017 වසරේදී ධුරයෙන් ඉවත් වීමෙන් පසුව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වූ පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධුරයටද පත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන් නිසා ඔහුව පන්දු රැකීමේ පුහුණුකරු කරමින් චන්දික හතුරුසිංහට ප්‍රධාන පුහුණුකරු ධුරය ලබාදුන්නා.
මේ සම්බන්ධයෙන් පොතාස් නොසතුටෙන් සිටි අතර ක්‍රිකට් ආයතනය සමග තිබූ ගිවිසුම් නිමාකර ඔහු මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Shiran Viraj

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj