28.4 C
Colombo
May 28, 2026
Local NewsNews

වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්

ශ්‍රී ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප්‍රමාණයට වඩා වසරකට සිදු කරන ගබ්සා ප්‍රමාණය වැඩි වී ඇතැයි වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසිය.

මේ අනුව ලංකාවේ වසරකට දරු උපත් 35,500 ක් සිදු වන අතර නීතී විරෝධී ගබ්සා 36,500 ක් සිදු වන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දිනකට පමණක් සාපරාධි ගබ්සා 1000 ක් මෙරට සිදු කරන බව ද ඒ මහතා කීවේය.

හෙතෙම මේ අදහස් පළ කළේ බොරැල්ල කරිටාස් ශ්‍රී ලංකා ආයතනයේ දී කතෝලික සභාව විසින් පැවැත් වු කතිකාවකට සහභාගී වෙමිනි.

ගබ්සා කිරීම්වලට එරෙහිව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කතිකාව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වු ප්‍රනාන්දුපුල්ලේ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

”යම් අයෙකු ඉපදෙන්නත් කළින්ම මරා දැමීම අපරාධයක් ලෙසයි සැලකෙන්නේ. ඇතැම් විට කළලයේ දෝෂ නිසා ගබ්සා කිරීම් සිදු වෙනවා. එමෙන්ම නීති විරෝධී ආකාරයෙන් ද ගබ්සා කිරීම් සිදු වෙනවා.

බස් නැවතුම්පළවලවල කාමර අසලත් වෙනත් ස්ථානවලත් ගබ්සා කිරීම් සිදු වෙනවා. සුදුසුකම් සහිත දොස්තරවරු වගේම රහිත අයත් මේ කටයුතුවල නියැළෙනවා. කතෝලික වෛද්‍යවරුත් මේ අතරේ ඉන්නවා. එවැනි දොස්තරවරු 40000 ක් පමණ රටේ ඉන්නවා.

ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල්වලත් මේ දේවල් වෙනවා. රජයේ රෝහල්වලත් ගබ්සා කිරීම් සිදු වෙනවා. මෙහිදී භාවිතා කරන උපකරණ නිසා විවිධ ආසාදන සිදු වෙනවා.

වෛද්‍ය හේතු මත ගබ්සා කළත් බහුතරයක් සිදු වන්නේ අනාරක්ෂිත ක්‍රම යටතේයි. රජයේ ලියාපදිංචි නොකර ලංකාවට ගෙන්වන ඖෂධ වර්ග මේ සඳහා භාවිත කරනවා.

ගබ්සා කිරීම් හේතුවෙන් මාතෘ මරණ සියයට 11 ක් සිදු වෙනවා. මාතෘ මරණවලට තුන් වැනි හේතුව ලෙස ගැනෙන්නේ ගබ්සා කිරීමයි. වසරකට ලෝකයේ මිලියන 219 ක් ගර්භනී තත්ත්වයට පත් වෙනවා.

එයින් මිලියන 19 ක් ගබ්සා කරනවා. මේ ගබ්සාවන් නිසා මිලියන 68000 ක් මරණයට පත් වෙනවා. සියයට 5.3 ක පිරිසක් පුර්ණ හා තාවකාලික අබාධවලට ගොදුරු වෙනවා.

මෙයින් භෞතික හා මානසික සංකූලතා ඇති කරනවා. රුධිර වහනය වැඩි වෙලා මරණයට පත් වෙනවා. ගර්භාෂයේ ආසාදන ඇති කරනවා. නැවත ගර්භනී තත්ත්වයට පත් වීමේදී ගබ්සා වෙන්න ඉඩ කඩ තිබෙනවා.

අපි අම්මා නැති දරුවාත් දරුවා නැති අම්මාත් ආරක්ෂා කර ගත යුතුයි. පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. පවුල් සැලසුම් ක්‍රම ගැන තරුණ පරපුර දැන්වත් කළ යුතුයි.

නමුත් ගබ්සාව නීති විරෝධී දෙයක්. මේකට විරුද්ධව සියලු දෙනා නැඟී සිටිය යුතු වෙනවා. යැයි කීවේය.

ගබ්සාවන්ට එරෙහිව නැඟී සිටිය යුතුයි:

මෙහිදී අදහස් දැක් වු අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ,

ගබ්සා කිරීම නීති විරෝධි ක්‍රියාවක් ලෙසයි අපි සියලු දෙනා සලකන්නේ. අපිට අවශ්‍ය සාන්තුවරයෙක් මේ මඟින් අපට අහිමි වෙනවා. පාප් වහන්සේ ගබ්සාවට උපකාර කරන බවට මතයක් පවතිනවා. එය අසත්‍යයක්.

අපි ගබ්සාවන්ට එරෙහිව නැඟී සිටිය යුතුයි. දරුවකු හදාගන්න බැරි නම් ඒ දරුවා ගබ්සා නොකර හදා වඩා ගන්න වෙනත් අයෙකුට දෙන්න හැකියාව තිබෙනවා. ගබ්සාව අපරාධයක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ගබ්සාව නීති ගත කිරීමේ පනතට අපි විරුද්ධයි. යැයි ද පැවසූහ.

මෙහිදී ආචාර්ය රේමන්ඩ් වික්‍රමසිංහ, නෝබර්ට් අන්ද්‍රාදි, එමානුවෙල් ප්‍රනාන්දු අගරදගුරුතුමන්ලා සහ පියතුමන්ලා මෙන්ම වෛද්‍ය රෝමනි ප්‍රනාන්දු මහත්මිය ද අදහස් දැක්වුහ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළට

Shiran Viraj

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Shiran Viraj

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

Shiran Viraj