28.4 C
Colombo
May 28, 2026
Local NewsNews

ටී.එන්.එල්. විකාශනයට බාධා කිරීමට එරෙහිව නඩු දානවා – ඉෂිනි

විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ටී.එන්.එල්. රූපවාහිනි ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයේ විකාශන කටයුතු අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තවදුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු වන බවත් එම මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසයි.
ප්‍රශ්නගත කුළුණ පවත්වාගෙන යන්නේ 1995 වසරේ සිට බවත් ඇය වැඩි දුරටත් කියා සිටීයි.
මේ අතර ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පවසන්නේ, තම නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරයේ උපකරණ ගලවාගෙන යන ලද්දේ වැරදි හේතුවක් පෙන්වා බවයි.
විකාශනාගාරයක් පවත්වාගෙන යාම සදහා වන සියළු ගාස්තු රජයට තම ආයතනය විසින් ගෙවා ඇති බවද ඔහු සදහන් කරයි.
විසිපස් වසරක් පැරණි තම ආයතනයට මීට පෙර කිසිදු අවස්ථාවක මෙවන් චෝදනාක් එල්ල වී නැති බවද ඔහු පෙන්වා දෙයි.
ශාන් වික්‍රමසිංහ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වෙයි.
විදුලි සංදේශණ කොමිෂන් සභාව  ටී.එන්.එල් රෑපවාහිනී විකාශණ කුලුණු සදහා මෙම තහනම පනවන්නේ ජනාධිපතිවරයාගේ කල ප්‍රකාශයක් දැඩිව විවේචනය කරමින් සිටිද්දී වීම විශේෂත්වයකි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඉන්දියා-චීන සබඳතාවල උණුසුම: සංචාරක වීසා නැවත ක්‍රියාත්මකයි

Shiran Viraj

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Shiran Viraj

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

Shiran Viraj