26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඞී කිරීමට රජය ගත් තීරණය අසාධාරණ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් වැඩි කිරීම පිළිබදව ඉදිරියේදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් පැවසුවේ. ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ ලේකම් ඞී. ජේ. රාජකරුණා මේ බව සඳහන් කළා.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය පියවීමට විසදුම් ලබා නොදී  මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රායෝගික නොවන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බිය නිසා පිරවුම්හල් අසල දිගු පෝලිම්; පවතින තොග ප්‍රමාණවත් බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Shiran Viraj

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

Shiran Viraj

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

Shiran Viraj