July 3, 2026
Local NewsNews

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

මුතුරාජවෙල තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව නාරා ආයතනය විසින් සකස් කළ වාර්තාව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.
තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම වාර්තාවෙන් කරුණු දක්වා ඇති බව නාරා ආයතනය සඳහන් කළේය.
අදාල සිද්ධියෙන් පරිසරයට සිදුව ඇති හානිය සහ ඉදිරියේදී සිදු කළ යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහි කරුණු ඇතුළත් කර ඇති බව වාර්තා වේ..
පසුගියදා මුතුරාජවෙල ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙන යන නලයක කාන්දුවක් සිදු වූ අතර වහා ක්‍රියාත්මක වූ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරින් අදාල කාන්දුව නතර කිරිමට පියවර ගත්තේය.
කෙසේවෙතත් ඒ වන විටත් නලයෙන් කාන්දු වූ ඉන්ධන මුහුදට එක් වී තිබූ අතර ඒවා දික්ඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ විසිරි ගොස් තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණය

Shiran Viraj

හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..

Shiran Viraj

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj