25.6 C
Colombo
September 19, 2026
International NewsNews

ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්

ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට වැඩි සංඛ්‍යාවක කාන්තාවන් සාඵල්‍යතාව පිළිබඳ ගැටළුවලට මුහුණ දෙන බවයි.

මේ නිසා ජනගහනයේ සමබරතාව රැක ගැනීමට නොහැකි වී ඇති අතර, ළමා ජනගහනයට වඩා වැඩිහිටියන් සිටීම අහිතකර ප්‍රතිඵල ඇති කරන බව අධ්‍යයනය සිදුකළ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළ කර ඇති එම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව 1950 දශකයේදී කාන්තාවක් දරුවන් බිහි කිරීමේ සාමාන්‍යය 4.7ක් වූ අතර, පසුගිය වසර වන විට එය 2.4 දක්වා පහත වැටී තිබෙනවා.

(under the courtesy of hirunews.lk news web)

Related posts

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

Shiran Viraj

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්

Shiran Viraj

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj