28.9 C
Colombo
June 2, 2026
NewsPolitical

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි සිය නිවේදනය මගින් කියා සිටිනවා.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් හොත් එය ඉතා “හොඳ ගනුදෙනුවක්” විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.

කෙසේ වෙතත්, “ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්” පවතින බවද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Shiran Viraj

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

Shiran Viraj