26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි සිය නිවේදනය මගින් කියා සිටිනවා.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් හොත් එය ඉතා “හොඳ ගනුදෙනුවක්” විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.

කෙසේ වෙතත්, “ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්” පවතින බවද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Shiran Viraj

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Shiran Viraj

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj