26.7 C
Colombo
May 27, 2026
BusinessBusiness NewsNews

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

“අපි වෘත්තීය මට්ටමේ වැවිලිකරුවෝ. මෙය වසර 150 ක් පැරණි කර්මාන්තයක්. මේ ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. රටේ ආදායම ආරක්ෂා කරන්න ඕනේ. අපි කියන්නේ දේශපාලනයයි ආර්ථිකයයි කළවම් කර ගන්න එපා. මේ දෙක කළවම් වුණු නිසා තමයි මේ ප්‍රශ්නේ. වෘත්තීයමය කළමනාකරුවන්ට කරමාන්තය කර ගෙන යන්න ඉඩ දෙන්න. දේශපාලඥයෝ දේශපාලනය කරපු දෙන්. ඒකයි අපේ පණ්වුඩය‍“, යැයි ශ්‍රී ලංකා වැවිලි සේවා සමූහයේ සේවක සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි පවසයි.  වැවිලි කම්කරු වැඩ වර්ජනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රාජදුරෙයි මහතා,

“වතු පුද්ගලීකරණය කරන කොට මාසෙකට බිලියන 400 ක් සහනාධාර දුන්නා. අපිට සතයක්වත් සහනාධාර දෙන්නේ නැහැ. අපේ බිස්නස් එක අපිම බලා ගන්න ඕනේ. ඒ දවස්වල කොළඹ වෙන්දේසියේ තේ කිලෝ එකක් රු. 100 නම්, කම්කරු වේතන රු. 62 යි. ඒක තමයි අනුපාතය. අද තේ කිලෝ එකක් රු. 100 නම්, කම්කරු වේතන රු. 162 යි. මේ වගේ අභියෝග තියා ගෙනත් අපි මේ කර්මාන්තය ගෙනියනවා. අපිට අද නීතිරීති ගොඩාක් තියෙනවා. එහෙම වෙලත් මේ කර්මාන්තය වට්ටන්නේ නැතිව ගෙනියන එක මේ වැවිලිකරුවන්ගේ දක්ෂතාවය. නැත්නන් මෙලහකටත් ඕක කඩන් වැටිලා.“

මෙහිදී ලංකා සේවක සම්මේලනය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රසාද් ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“විදියට අපි හැමතිස්සේම බලාපොරොත්තු වෙන්නේ, සාමූහික කේවල්කරණයකින් දෙපාර්ශවයටම වාසි වෙන විදිහේ සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමයි. ඒ සඳහා අපේ වැවිලි කණ්ඩායම සාකච්ඡා සඳහා සහභාගී වෙනවා. නමුත් ඇති වෙලා තියෙන්නේ අවසනාවන්ත තත්ත්වයක්. එහි සභාපතිතුමාට පුද්ගලිකව මරණීය තර්ජන එල්ල කරන අවස්ථාවක දී ඒ අය තීරණය කරලා තියෙනවා, තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙනි යන්න ඕනෑ, ලංකා සේවක සංගමය මැදිහත් වෙලා කියලා. අපි ඒ කාර්යය භාර ගන්නවා, අපි විශ්වාස කරනවා, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා, අවසානයේ දී දෙපාර්ශවයටම එකඟවිය හැකි ආකාරයේ ජයග්‍රහණය ලැබෙන ගිවිසුමක් ඇති කර ගන්නට පුළුවන් වෙයි කියලා.“

(under the courtesy of adaderana.lk news web)

Related posts

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Shiran Viraj

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

Shiran Viraj

අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..

Shiran Viraj