27.8 C
Colombo
June 23, 2025
International News News

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

තුර්කියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

අදාළ අනතුරේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇති බව එම වාර්තා අනුව හෙළිවී තිබේ.

පුද්ගලයින් නව දෙනෙකුට මරු කැදවමින් තුර්කියේ දී සිදුවූ දුම්රිය අනතුර සිදුව ඇත්තේ අධිවේගී දුම්රිය  සහ තවත් ලොකොමෝටිව් දුම්රියක් එකිනෙක ගැටීමෙන් බවට තුර්කි මාධ්‍ය අනාවරණය කර තිබේ.

අන්කාරා දුම්රිය පොල වෙත ඇතුලුවීමේදී අදාළ දුම්රිය දෙක එකිනෙක ගැටී ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් දුම්රිය දෙක එකම දුම්රිය මගක පැමිණියේද යන්න හෝ ඒවා කෙතරම් වේගයෙන් පැමිණ ඇතිද යන්න පැහැදිලි වී නැහැ.

කෙසේ වෙතත් එහි දී ගැටුනු එක් දුම්රියක් වන අන්කාරා- කොන්යෝ දුම්රිය සාමාන්‍යයෙන් අනතුර සිදුවූ දුම්රිය ස්ථානයේ නවත්වන්නේ නැති බවද මේ වාර්තාවල වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Shiran Viraj

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj

ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj