26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

උත්තර දේවී දුම්රිය ඊයේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර එහිදී මුරුගණ්ඩි ප්‍රදේශයේ තවමත් පවතින ගංවතුර තත්වය හේතුවෙන් ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රිය මාර්ගයේ රැඳීසිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි උත්තර දේවි දුම්රියේ ගව රැල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ස්කන්දපුරම් ප්‍රදේශයේ පදිංචි අයිතිකරුවෙකුගේ ගවයින් පිරිසක් වන අතර මේ දිනවල කිලිනොච්චියට බලපෑ ගංවතුර හේතුවෙන් බොහෝ සතුන් ප්‍රදේශයන්හි මාර්ගවල හා දුම්රිය මාර්ගයන්හි දිවි ගෙවීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බවටද කිලිනොච්චි වැසියන් කියා සිටිති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..

Shiran Viraj

පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Shiran Viraj