29.5 C
Colombo
July 9, 2026
NewsPolitical

“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්

කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි.

එහෙත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් අද දිනයේ කැබිනට් රැස්වීම පවත්වන බව අමාත්‍ය දයා ගමගේ ප‍්‍රකාශ කළා.

ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සූදානම පිළිබඳව ද මෙහිදී විමසීමක් කළා. 

එහිදී ” ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද දිනට නියමිත කළා. ජනාධිපතිතුමා ඉල්ලනවා නම් ජනවාරි 08 වැනිදායින් පස්සේ ජනාධිපතිවරණයකට යන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පෙරමුණක් හදලා ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න සංවිධානය කරගෙන යනවා.” යනුවෙන් සඳහන් කළා. 

රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ කටයුත්ත වී ඇති බවයි අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොහොට්ටුව දිනුවට ආණ්ඩුවට බලපෑමක් නෑ..ඉදිරියට යන්න අතදෙන්න – විපක්ෂ නායක දෙමළ පක්ෂවලින් ඉල්ලයි

Shiran Viraj

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj