28 C
Colombo
June 3, 2025
News Political

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ මතවාදී ගැටුම් ඇතිවී තිබෙන බවත් පැවසූ ඔහු තම පක්ෂයද එය විසදීමට හැකි උපරිමයෙන් මැදිහත් වූ බව පැවසීය.

නමුත් මෙතෙක් එම ගැටළු විසඳා ගෙන නැති බවද පැවසූ මන්ත්‍රීවරයා තව දුරටත් බලා සිටීමට සූදානම් නැති බවත් මෙම ගැටුම් විසඳා නොගතහොත් විකල්පයක් ගැන තීරණය කිරීමට සිදුවන බවද කියා සිටියේය.

මැතිවරණ කොමිසම විසින් කැදවා තිබූ පක්‍ෂ නායක සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව පැවසුවේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Shiran Viraj

ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකා

Shiran Viraj