28.9 C
Colombo
July 13, 2026
International NewsNews

ලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට දැරූ උත්සහා කිරීමේදී බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය නොවැම්බර් 27 වෙනිදා සිය සේවා කටයුතු නිම කොට නිවෙස බලා යමින් සිටි ප්‍රියංකා රෙඩ්ඩි නම් මෙම පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අපරාධය සිදුකළ ස්ථානයට අද (06) අළුයම් කාලයේදී පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා රැගෙනවිත් තිබෙනවා. ඒ ඔවුන් එම අපරාධය සිදුකළ අයුරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ගොනු කිරීමට අවශ්‍ය අපරාධය වූ ආකාරය ප්‍රති නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුතුවයි.

එහිදී මෙම සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට උත්සහ දරා ඇති අතර එහිදී ඔවුන් පොලිසිය විසින් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Shiran Viraj

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Shiran Viraj

‘දිට්වා’ කුණාටුව: අවතැන් දරුවන්ට පොත්පත් දීමට නාමල් රාජපක්ෂගෙන් වැඩපිළිවෙළක්

Shiran Viraj