26.1 C
Colombo
September 17, 2026
Local NewsNews

ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි

අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්.  

ඉකුත් ජනාධිපතිවරණයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු පළාතේ බහුතරයක් ඡන්දය ලබා නොදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද, ඔහු මෙහිදී අදහස් පළ කළා.

එහිදී “දැන් අපිට උතුරේ කවුරුත් ඡන්ද දුන්නේ නෑනේ. හැබැයි ඡන්දෙ දුන්නේ නෑ කියන්නේ.. ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. අපිම කරගත්ත දෙයක්. උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එහෙනම් අපි ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න ඕනේ. මේ දෙමළ මිනිස්සු අපිට වැඩක් නෑ කියන එක නෙමෙයි.” යනුවෙන් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් ගෑස් පිපිරුමක්..

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

නාමල් රාජපක්ෂ මහතාගෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි විවේචනයක්

Shiran Viraj