26 C
Colombo
September 10, 2025
Local NewsNews

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 213 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයින් වන බවයි. ඒ අනුව, ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487ක් දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ අතර තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, මෙරටදී කොරෝනා ආසාදිතව මියගොස් ඇති සංඛ්‍යාව 109ක්. ඊයේ දිනයේ මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 96 හැවිරිදි කාන්තාවක්. ඔවුන් දෙදෙනාම කොළඹ පදිංචිකරුවන් වනවා.

මේ අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් කොරෝනා අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය ඊයේ පැවසුවේ. එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප‍්‍රදේශවලින් ද මේ වනවිට යළි නව ආසාදිතයින් වාර්තා වෙමින් ඇති බවයි. 

Related posts

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරය

Shiran Viraj

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj