July 2, 2026
Local NewsNews

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 213 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයින් වන බවයි. ඒ අනුව, ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487ක් දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ අතර තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, මෙරටදී කොරෝනා ආසාදිතව මියගොස් ඇති සංඛ්‍යාව 109ක්. ඊයේ දිනයේ මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 96 හැවිරිදි කාන්තාවක්. ඔවුන් දෙදෙනාම කොළඹ පදිංචිකරුවන් වනවා.

මේ අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් කොරෝනා අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය ඊයේ පැවසුවේ. එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප‍්‍රදේශවලින් ද මේ වනවිට යළි නව ආසාදිතයින් වාර්තා වෙමින් ඇති බවයි. 

Related posts

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Shiran Viraj