31.1 C
Colombo
September 18, 2026
Local NewsNews

තොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයි

ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කරයි. ෆේස්බුක් ගිණුම් හිමියකුගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ අදාළ පුද්ගලයන් විසින් රටේ යම් නීතියක් උල්ලංඝනය කර ඇත්නම් පමණක් බව ෆේස්බුක් සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී ඇම්බර් හෝකස් ප්‍රකාශ කරයි. අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍යහමුවක් අමතමින් පසුගියදා ඇය මේ බව සඳහන් කළාය.

‘‘පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අප සතුව තිබෙනවා. ඔවුන්ට (පොලිසියට) අපගෙන් තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් (ගිණුම් හිමියන්) දේශීය නීති උල්ලංඝනයක් සිදු කර ඇත්නම් පමණයි. එවැනි ඉල්ලීමකදී අපගේ කණ්ඩායමේ අදාළ නීති පිළිබඳව අධ්‍යයනයක් සිදු කරනවා. ඒ සඳහා පුහුණුව ලත් පිරිසක් අප සතුව සිටිනවා. එය අන්තර්ජාතික නෛතික රාමුවක් යැයි ඇම්බර් වැඩිදුරටත් සඳහන් කරයි. ෆේස්බුක් හි පළවන තොරතුරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නම් පොලිසිය අදාළ ක්‍රියාවලිය හරහා ගමන් කළයුතු බවද ඇම්බර් පෙන්වා දෙයි.

නයන තරංග ගමගේ

helanews

Related posts

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

Shiran Viraj

මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..

Shiran Viraj

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

Shiran Viraj