26.7 C
Colombo
September 15, 2026
Local NewsNews

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවය.

එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් හෙතෙම කීවේය.

යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කළේය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරයි.

මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර පල්ලේගෙදර
– Aruna

lankacnews

Related posts

සමාජ ජාලා නියාමනයට රජය සැරසේ.. tiktok ගැන වැඩි අවධානය…

Shiran Viraj

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

රටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…

Shiran Viraj