26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි.

මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි.

පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි වෙති. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ අපේක්‍ෂක දිලිත් ජයවීර, ස්වාධීන අපේක්‍ෂක පී. අරියනේත්තිරන් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

ස්වාධීන අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විවාදයට සහභාගි වීමට නොහැකි බව එම සංවිධානයට දැනුම් දී තිබේ. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වය සනාථ කිරීමට නියමිතව ඇත.

විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම විවාදයේ දෙවන හා තෙවන අදියර සඳහා අපේක්‍ෂකයන් 12 දෙනකු සහභාගි වන බවට සනාථ කර ඇත. එම විවාද 08 හා 09 යන දිනවලදී පැවැත්වෙයි.

විවාදයේදී අපේක්‍ෂකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී තිබූ අතර එම ඇසිය යුතු ප්‍රශ්න තීරණය කිරීම කමිටුවක් මගින් සිදුකරන බව ද මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

රනිල් ධර්මසේන
– Divaina

Related posts

අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…

Shiran Viraj

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

Shiran Viraj

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

Shiran Viraj