July 3, 2026
Local NewsNews

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. මහජන පරීක්ෂකවරුන්ට අටලුගම ප්‍රදේශයේදී කෙළ ගැසීම, පහරදීමට තැත් කිරීම නිසා මේ සම්බන්ධයෙන් තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ හරහා එම ප්‍රදේශයේ කෝවිඩ් රෝගීන් සොයාගැනීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගිය හැකි බවද ඒ මහතා කීය. මේ අතර ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ කිසිදු අයකුට අටලුගමට ඇතුළුවීමට හෝ පිටවීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙසය.

Related posts

ජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.

Shiran Viraj

වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…

Shiran Viraj

මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවට

Shiran Viraj