26.7 C
Colombo
September 15, 2026
Local NewsNews

හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගවයන් අතර පැතිර යන තවමත් හඳුනා නොගත් වෛරස් රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ගවයන්ටද වැලදී ඇති බව වාර්තා වී ඇති බැවින් ගව පාලනයේ යෙදෙන ගොවීන් තම සතුන් පිළිබද වඩාත් අවධානයෙන් සිටිය යුතු බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය පැවසුවාය.

මෙරට තුළින් මුල් වරට වාර්තා වී ඇති මෙම වෛරස් රෝගය ප්සූඩෝ ලම්පි ස්කින් රෝගය ලෙස හදුන්වන බවත් මෙම රෝගය ලේ උරා බොන මැසි මදුරුවන්ගෙන් බෝවන බවට හඳුනාගෙන ඇති බවත් මෙම රෝගය ලේ උරා බොන මැසි මදුරුවන්ගෙන් බෝ වන බවත් පළාත් අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ ගම්වල සහ දඹුල්ල යන ප්‍රදේශවලින්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුණ්ඩලුඔය ප්‍රදේශයෙන්ද මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රදේශයෙන්ද ගවයන් අතර මෙම වෛරස් රෝගය වාර්තා වී ඇති බවද පළාත් අධ්‍යක්ෂවරිය පැවසුවාය.

මෙම රෝගයේ ලක්ෂණ ලෙස සතුන්ගේ ඇග පුරා බිබිල මතු වීම, ඉදිරිපස අත් ඉදිමීම, කොර ගැසීම, බුරුලට ඉදිරියෙන් යටි බඩ ඉදිමීම, බෙල්ලට යට තල්ල ඉදිමීම ආදිය දැකිය හැකි බවද අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

මෙම වෛරසයේ ස්වභාවය හදුනා ගැනීමට හා එහි සාම්පල මේ වන විට දේශීය මෙන්ම විදේශීය රසායනාගාර වෙත යොමු කර ඇති බවත් එහි වාර්තාව ලැබීමෙන් පසුව මෙම රෝගය වළක්වා ගැනීමට සතුන්ට එන්නතක් ලබා දිය හැකි බව සඳහන් කරන පළාත් අධ්‍යක්ෂිකා

වෛද්‍ය රාජනායක මහත්මිය එතෙක් සතුන් අවධානයෙන් බලා ගන්නා ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

තම සතුන් තුළ මෙවන් යම් රෝග ලක්ෂණයක් මතුවන්නේ නම් වහාම පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය ගොවීන්ගෙන් ඉල්ලා සිටියාය.

 – මොහොමඩ් ආසික් –

gossiplankanews

Related posts

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

Shiran Viraj

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

Shiran Viraj

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

Shiran Viraj