28.6 C
Colombo
May 20, 2026
Local NewsNews

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක් අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොළඹ දිස්ති‍්‍රක්කයේ මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලූත්කඬේ බටහිර හා නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් මුදාහැරි බවයි. 

එමෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත ප‍්‍රදේශය ද අද  හුදෙකලා භාවයෙන් මුදා හැරියා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත හා මීගහවත්ත ග‍්‍රාම නිලධාරී වසම් ද එලෙස හුදෙකලා භාවයෙන් මුදාහැරි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. එමෙන්ම පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග‍්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත ප‍්‍රදේශද අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා.

කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් විලේගොඩ උතුර ග‍්‍රාම නිලධාරී වසමේ ශ‍්‍රී ජයන්ති මාවත ද මෙලෙස මුදාහැරි තවත් ප‍්‍රදේශයෙක්.

මේ වනවිට හුදෙකලා කර ඇති අනෙකුත් ප‍්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදෙකලා ප‍්‍රදේශ වශයෙන් පවතින බවයි කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

මේ අතර තවත් කොරෝනා මරණ 02 ක් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව මේවනවිට 213 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක්. නිධන්ගත රෝග තත්ත්වයන් සමග කොරෝනා වෛරසය ආසාදිතවීම මරණවලට හේතුව බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

Related posts

කේක් මිල බහී..

Shiran Viraj

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Shiran Viraj

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj