28.4 C
Colombo
July 9, 2026
International NewsNews

පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව ගිලිහී යාමේ අවදානමක්

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ වියයුතු අතර එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා සිට වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්තාව ගිලිහි යනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරමු.

වට්සැප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීමට සදහා ඉඩලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත වැඩිදුරටත් පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related posts

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමරිකාවෙන් දැවැන්ත මූල්‍ය යෝජනාවක්

Shiran Viraj

වසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..

Shiran Viraj

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj