January 29, 2026
Local NewsNews

යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් එම නොසන්සුන්තාව හට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් හා යාපනය ප්‍රදේශවාසීන් අදාළ සැමරුම් ස්මාරකය ඉවත් කිරීමට විරුද්ධවීමත් සමඟ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාල සිසුන් අතර නොසන්සුන්තාවයක් හටගත් අතර, එය පාලනයට පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කැඳවා තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ ස්ථානයට එක්වු යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් හා යාපනය ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබුවේ සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල උප කුලපතිවරයා සමඟ සාකච්ජාවක් පැවැත්විය යුතු බවයි.

යුද්ධය නිමාවි දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්ව විද්‍යාල සිසුන් විසින් විශ්ව විද්‍යාල භූමිය තුළ අදාළ සැමරුම් ස්මාරකය ඉදිකොට තිබිණ.

සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

නිවස පෙලක් ගිනිගනී…

Shiran Viraj

වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…

Shiran Viraj

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Shiran Viraj