July 3, 2026
Local NewsNews

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අපවත්වි ඇත්තේ බලගොඩ පුංචි පන්සලේ වැඩවසන හැගොඩ සුමන (17) නැමති හිමිනමකි. මෙකි හිමියන් තවත් තරුණහිමිවරුන් තිදෙනෙකු සමග දිය නැම සදහා අද පෙරවරුවේ ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයට වැඩමකොට ඇති බව පොලිසිය පවසයි. 

මෙකි හිමිවරුන් බද්දේගම කිරිබතාවිල අමරවංශ පිරිවෙණේ ඉගෙනුම ලබන අතර පිරිවෙනේ සිට හිමිවරුන් සිව් දෙනා දිය නැම සදහා ගාලු කොටුව ප්‍රදිපාගාරය අසල මුහුදු  තිරයට පැමිණ පැය දෙකකට පමණ කාලයක් දිය නාමින් සිට ඇත.  

පන්දුවක් ඒ මේ අත විසිකරමින් දිය නා ඇති අතර පන්දුව සුළගට පාවි ගොස් ඇත. අපත්වූ හිමියන් පන්දුව පසුපස පිහිනාගොස් ඇති අතර ඒ සමග එම හිමියන් දියේ  ගිලිමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව නාවික හමුදාව හා අවට පිරිස් එක් වි හිමිනමගේ දේහය ගොඩට ගෙනවිත් ඇත. දිය නාමින් සිටි අනෙක් හිමිවරුන්ට කිසිදු අනතුරක් වි නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා හිමිනමගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණා.

Related posts

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

Shiran Viraj

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Shiran Viraj

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

Shiran Viraj