25 C
Colombo
September 15, 2026
Local NewsNews

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

ඉන්දු ශ්‍රීලංකා ජනසහයෝගිතාවය සහ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපරයේ සාමාජිකයින් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූණි.

එහිදී උද්ඝෝෂකයින් වැඩි දුරටත් කියා සිටියේ,

‘ඉන්දියාවේ සාමාන්‍ය ගොවි ජනතාවගේ ඉඩම් බහු ජාතික සමාගම් වෙනුවෙන් ලබාදීම මෙන්ම ඉන්දීය රජය විසින් සම්මත කරගෙන ඇති ගොවි පනත් නීති දැඩි ලෙස හෙලා දකිමින් එම ගොවි පනත් හකුලා ගන්නා ලෙසට ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසට තමන්ද ඉන්දීය රජයට බලකරන ලෙසටය.

එමෙන්ම ඉන්දීයාවේ ලෙසින් ශ්‍රීලංකාව තුලද බහුජාතික සමාගම් වෙනුවෙන් උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමේ සූදානමක් පවතින බැවින් එවැනි සූදානමකට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කිරීමටද තමන් පියවර ගන්නා බවට උද්ඝෝෂකයින් වැඩි දුරටත් පැවසූහ.

Related posts

අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

Shiran Viraj

අප විදෙස් රටවල මිත්‍රත්වය අගයනවා.. නමුත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා.. ජනපති ගෝටාභය බලවත් ජපානයට කෙලින්ම කියයි..

Shiran Viraj