July 11, 2026
NewsPolitical

ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාල ගිණුම් ඒ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

”සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යලිත් ගෝඨාභයට සිහිපත් කරමි.

1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේ දී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බල ඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1 වන සිංහ රෙජිමේන්තු බල ඇණියයි.

අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාව ම ඔබව හාස්‍යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ. බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත.

ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තව දුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසය”

– සරත් ෆොන්සේකා FB

lankacnews

Related posts

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Shiran Viraj

රනිල් 85%ක් ගන්නවා..

Shiran Viraj

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Shiran Viraj