July 1, 2026
International NewsNews

නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයි

රට හමුදා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව, මියන්මාරයේ හමුදා නායකයා පළමුවරට එරට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව මියන්මාරය පුරා මේවනවිට පවතින මහජන විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින්. හමුදා කුමන්ත්‍රණයෙන් පසුව පළමු වරට රාජ්‍ය රූපවාහිනිය හරහා ජනතාව අමතමින් හමුදා නායක ජෙනරාල් මින් – උන් – ලයින් පැවසුවේ රටේ නීතියට ඉහළින් කිසිවෙකුත් නොමැති බවයි.

එබැවින් සිය පෞද්ගලික හැගීම්වලට වහල් නොවී, සත්‍යයට මුහුණ දෙන ලෙස ජෙනරාල්වරයා මියන්මාර වැසියන්ට ප්‍රකාශ කළා. කෙසේවෙතත්, මැතිවරණයක් පවත්වා ජයග්‍රාහකයාට බලය පැවරීමක් සිදු කරන බවට ද හමුදා නායකයා මෙහිදී අවධාරණය කිරීම විශේෂත්වයක්. 

කෙසේවෙතත්, හමුදා පාලනයට එරෙහිව මියන්මාර වැසියන් තවදුරටත් දක්වන්නේ දැඩි විරෝධයක්. හමුදා නායකයා රූපවාහිනිය හරහා ජාතිය ඇමතූ අවස්ථාවේදීද, එරට වැසියන් නිවෙස්තුල සිට රූපවාහිනිය ඉදිරියට ගොස් විවිධ ශබ්ද නගමින් සිය විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුණා. 

මේ අතර හමුදා පාලනය විසින් මියන්මාරයේ ප්‍රදේශ රැසකට සීමා පනවමින් තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ රැසකට මේවනවිටත් ඇඳිරි නීතිය පනවා ඇති බව හා මහජන ඒකරාශීවීම් ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත්, හමුදා පාලනයට එරෙහි මහජන විරෝධතා සහ වැඩවර්ජන ද මියන්මාරය තුළ අඛන්ඩව ක්‍රියාත්මකයි.

Related posts

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

Shiran Viraj

රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

Shiran Viraj

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj