30.6 C
Colombo
July 5, 2026
NewsPolitical

ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”

“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි උදාකරණු පිණිස ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මග පෙන්වීම නාලිකාවේ ප්‍රධාන අරමුණයි.

කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, නව කෘෂි තාක්ෂණවේදීය ක්‍රම සහ පුරාතනයේ පැවති උසස් කෘෂි තාක්ෂණික විධි නැවත ස්ථාපනය කිරීම, පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම, වාරි හා ධීවර කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයන්ගෙන්ම ජනතාව දැනුමින් පෝෂණය කිරීම හරිත ටීවී තුළ අන්තර්ගත මූලික සංකල්ප වේ.

“හෙළවත්, හරවත්, හිතවත්” යන්න එහි තේමාවයි. “හරිත” රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාව විසින් නිර්මාණය කොට ඇත.

සෙත් පිරිත් සඡ්ජායනය මධ්‍යයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී මංගල විකාශය ආරම්භ විය.

ජනාධිපතිතුමා අතින් හරිත වෙබ් අඩවිය (www.harithatv.com) සහ තේමා ගීතය එළිදැක්විණ.

පැළ බෙදාදීම සංකේතවත් කරමින් පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ ජනාධිපතිතුමා වෙත පැළයක් පිරිනැමූහ.

ඩයලොග් නාලික අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය ජනතාවට නැරඹිය හැකිය.

මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

lankacnews

Related posts

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

Shiran Viraj

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

Shiran Viraj

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Shiran Viraj