30.6 C
Colombo
May 24, 2026
Local NewsNews

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුනි.

අක්කර 100 ක ගොවීන් 50 කගේ දායකත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක ෙවයි.

එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 7ක අධාර, අවශ්‍ය පැළ, බිංදු ජල පද්ධති ,බිම සකස් කර දීම ,තාක්ෂණික උපදෙස් ,සියල්ල රජය සපයනවා.කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා මෙහෙයවීම සිදු කරයි.

අක්කර භාගයක වගාවකින් සතියකට රුපියල් 80,000 -100000 ක ආදායමක් ලැබෙන බව මෙම වගාවේ නිරත ගොවීන් ප්‍රකාශ කරයි.

දේශීය වෙළඳපොළ තුළත් ,අපනයන වෙළඳපොළ තුළත් පැෂන් සඳහා ඉහළ ඉල්ලුමක් පවති.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ද අක්කර 200 ක පැෂන් වගාවක් මේ ආකාරයෙන්ම සිදු කරනවා.පසුගිය මාසයේ එයද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

වගා කළ හැකි සියලු දේ මෙරට තුළ වගා කරමින් ,දේශීය කෘෂිකර්මය ගොඩනගමින් , නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල මෙලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය එකින්එක ක්‍රියාත්මක කරමින් තිබෙ.

Related posts

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Shiran Viraj

ජාතික ව්‍යසනය හේතුවෙන් ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කරයි

Shiran Viraj

දුකාට මොකද වුණේ?

Shiran Viraj