September 20, 2026
Local NewsNews

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වී දැනට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී තිබේ.

ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම පහසුකම ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කිරිමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එමෙන්ම රාමනායක හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙනම විදුලි පංකාවක් මෙට්ටයක් හා වැසිකිළි පහසුකම් ද ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව ඔහු මන්ත්‍රී ධුරය දැරූ කාලයේ දී වාසය කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් තමන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කරන්නැයි රනජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා විසින් ලිඛිත ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

Related posts

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Shiran Viraj

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

Shiran Viraj

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Shiran Viraj