28.4 C
Colombo
July 31, 2026
Local NewsNews

කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?

කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිත කරන එන්නත් ලබා දී ඇති සියළු ජනතාව වසර දෙකක කාලයකදී මිය යන බවට ලොව ප‍්‍රකට වෛරස විද්‍යාඥයෙකු විසින් සිදුකලා යයි පවසමින් සමාජ ජාලාවල පැතිරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම වෛරස් විද්‍යා මහාචාර්යවරයෙකු වන තිස්ස විතාරණ මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ එම කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එසේ වීමට කිසිදු හැකියාවක් නැති බවත් ය.

එමෙන්ම එම ප්‍රකාශය කළේ යැයි පැවසෙන විද්‍යාඥයා තමන් එවැන්නක් නොකී බවට පසුව ප්‍රකාශ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එන්නත් සොයාගැනිම සදහා දැන් නවීන ක‍්‍රම ඇති බවත් එනිසා එය වඩා වේගවත් වී ඇති බවත් ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙරට එන්නත් කරන ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද අදහස් පළ කරන ඔහු එහි කිසිම විද්‍යාත්මක පදනමක් නැතැයි ද චෝදනා කරයි.

මෙම විෂය ගැන තේරුමක් ඇත්තේ සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ ඇමතිනියට පමණක් යයිද පවසන ඔහු තමන් මේ සම්බන්ධයෙන් වන කිසිදු කමිටු නොගත් බවද කියා සිටී.

Related posts

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Shiran Viraj