30 C
Colombo
June 3, 2026
Local NewsNews

‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය.

දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ විරෝධතා දැක්වීය.

හිමියන් පාර මැද ඉදගෙන රට අරින්න යැයි හඑ හඬින් කෑ ගසමින් ඉල්ලිම් කල අතර දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත් කිරිමට උත්සහ කලද නොහැකි විය.

අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැමිණ කරුණු විමාසා සිටි අතර ජනපති කාර්යාලයේ පුද්ගලයකු සම්බන්ධ කරන්න යැයි භික්‍ෂුව නගර සභාවට නැදවාගෙන ගියේය.

අනතුරුව නගර සභාවේදි දුරකතනයෙන් ලේකම්වරයකුට කතා කිරිමේ අවස්ථාව ලැබුණු බවත් පසුව ප‍්‍රකාශයක් ගන්න යැයි පොලිසියට ගෙන ගියේය.

කෙසේ වෙතත් පොලිසියෙන් අත්වඩංගුවට නොගන්න බවද කට උත්තරයක් ලියාගත් බවද හිමියන් පැවසූහ.

උන්වහන්සේ‍ගේ ඉල්ලිම වුයේ ‘රට වහනවානම් කඩ අරිනවානම්, සල්ලි ගනුදෙනු වෙනවානම් මෙහෙම වහලා වැඩක් නෑ රට අරින්න. නැතිනම් හොදටම වහන්න. නැතිනම් බොරු නොකර රටම අරින්න’ යන්නයි.

ජනාධිපතිවරයාටද එහිදී හිමියන් විසින් දැඩිව දෝෂාරෝපන කරන ලදී.

– මහින්ද   උදයසිරි රත්නායක

Related posts

චොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට

Shiran Viraj

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

Shiran Viraj

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Shiran Viraj