28.9 C
Colombo
August 20, 2026
Local NewsNews

හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්ත

හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති නිසා කොළඹට ද එම එන්නත ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් ප්‍රසන්න ගුණසේන මහතාට එම අදහස් පළ කිරීම ගැටලුවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් හෝ කිසිවකු එම තීන්දුව ගන්නා අවස්ථාවේ නොසිටි බවත් පැවසූ ඔහු නමුත් එම තීරණ ගන්නා ස්ථානවල ප්‍රසන්න ගුණසේන මහතා සිටින්නට ඇතැයිද කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Shiran Viraj

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Shiran Viraj

කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

Shiran Viraj