28.4 C
Colombo
June 4, 2026
NewsPolitical

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

තමන් නැවත වතාවක් මහ බැංකුවේ අධිපති ධුරයට පත් වනු ඇති බවට පැතිර යන වාර්තා තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තමන් වසර අටක පමණ කාලයක් මහ බැංකු අධිපති ලෙස සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුපක් හෝ අඩුම තරමේ තීරු බදු රහිත වාහනයක් හෝ තමන් ලබාගෙන නැතැයි ද ඔහු පැවසීය.

සේ වෙතත් 2006 වසරේ ජනාධිපති ලේකම්වරයා තමනට ලබා දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි බව පැහැදිලිව සඳහන් කර තිබුණු නමුත් මෙතෙක් විශ්‍රාම වැටුපක් නොලැබුන බවද ඔහු කීය.

Related posts

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

Shiran Viraj

කරන්න බැරිනම් රට බාර දෙන්න..මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා..-ජනපති සොයුරු ඩඩ්ලි

Shiran Viraj

පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..

Shiran Viraj