July 19, 2026
Local NewsNews

යට ඇදුම් පෝලිමක් හැදිලා..

හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

එවන් තත්වයකට පත්වීමට තරම් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය අසමත් වී ඇතැයිද ඔහු පැවසීය.

රට තවත් වලපල්ලට ඇද දමන්නේ නැතුව කරුණාකර ගෙදර යන්න එය රාජපක්ෂ රෙජිමයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව ආනයන මත පනවා ඇති රෙගුලාසි වලට යටත් වෙමින් ව්‍යාපාරිකයන් භාණ්ඩ ගෙන්වන්නේ නැති බවද පැවසූ ඔහු ඉදිරියේ දී ඇපල් ගෙඩියක් වත් කෑමට නොලැබෙනු ඇතැයි ද කියා සිටියේය.

වාහනයකට ටයර් නොලැබෙනු ඇති බවත් පැවසූ ආණ්ඩුව ආර්ථික කළමනාකරණයෙන් මෙන්ම කොරෝනා පාලනයෙන්ස අසාර්ථක බවද පැවසීය.

Related posts

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Shiran Viraj

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි..

Shiran Viraj