27.2 C
Colombo
June 2, 2026
NewsSportsSports News

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

මාධ්‍ය වාර්තා කරන්නේ ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී කටයුතු කිරීමේ සූදානමක් ඇති බවයි.

නමුත් රෝහිත රාජපක්ෂ මහතා එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරග වලට ක්‍රීඩා කිරීමේ කිසිදු අදහසක් නැති බවයි.

දැනටමත් තමන් ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩා කරන බවද ඔහු පවසයි.

මේ අතර කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සඳහන් කරන්නේ රෝහිත රාජපක්ෂ මහතා තම කණ්ඩායම සමඟ පුහුණුවීම් කටයුතු කලද තවමත් කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වී නැති බවයි.

Related posts

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Shiran Viraj

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Shiran Viraj