26.7 C
Colombo
June 3, 2026
BusinessBusiness NewsNews

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

එලවළු මිල දිනෙන් දින ඉහල යාම හමුවේ එලවළු වෙලදාම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්,ඒ සදහා ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවිම හමුවේ එලවළු වෙලදාම සිදුකරගෙන යාම ගැටළුවක් වි ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියේ.

උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවක්ම රු 400ට වඩා වැඩි මිලකට අලෙවි විම හමුවේ පාරිභෝගිකයන්ද දෛනික අවශ්‍යතාවයට පමණක් එලවළු මිල දි ගැනිම හමුවේ තම වෙලදසැලේ ඉතිරිවන එලවළු තොග බර අඩුවිම සහ නරක්විම නිසා එලවළු වෙලදාමෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලදුන් කියා සිටින්නේ.

තවද වෙලදපොලට ලැබෙන එලවළු වල සරුභාවයක් නොමැති බවත්, එවන් තත්ත්වයක් මත පාරිභෝගිකයන්ට වැඩි මිලකට එලවළු අලෙවි කල නොහැකි බවද එම වෙලදුන් කියා සිටියි.

වෙනදා මෙන් තම වෙලදසැල්වල එලවළු ප්‍රදර්ශනය කර අලෙවි කිරිමට තරම් එලවළු තොග නොමැති බවත්, ඉතිහාසයේ එලවළු මිල මෙතරම් ඉහල පළමු අවස්තාව මෙය බවයි වෙලදුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ  

Related posts

හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..

Shiran Viraj

නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැති

Shiran Viraj

දැන් තියෙන්නේ ගංගාවලට කල අතහරින එක නෙවෙයි ගිහින් ඉල්ලා අස්වෙන්න – හරීන්

Shiran Viraj