May 28, 2026
BusinessBusiness NewsNews

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

තවදුරටත් මුදල් මුද්‍රණය නොකර වෙළඳපලෙන් අවශ්‍ය මුදල් රැස් කිරීමට රජය රජය තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් ඉදිරි මාසයේ සිට බැංකු පොලී අනුපාතය නැවත වතාවක් ඉහළ දමනු ඇති බව ද මහ බැංකුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් රජය යටතේ රුපියල් ටි‍්‍රලියන 1.3 ක් අලුතෙන් මුදල් මුද්‍රණය කර ඇති අතර තවදුරටත් එය සිදු නොකර මුදල් මුද්‍රණය අත්හිටු වීමට අපේක්ෂා කරන බව මහ බැංකුව කියා සිටියි.

මෑතකදි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයට පත්කළ සහන පැකේජය රුපියල් බිලියන 230ක් අවශ්‍ය වන නිසා එම මුදලින් කොටසක් දේශීය මුදල් වෙළදපොලෙන් සපයා ගැනීමට නියමිතව තිබේ.

දැනට අප තුළ පවත්නා උද්ධමන අනුපාතයට සාපේක්ෂව සෘණ පොලී අනුපාතයක් පැවතීමද පොලී අනුපාත වැඩි කිරීමට හේතුවක් වී තිබේ.

Related posts

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Shiran Viraj